සැ.යු.: 2012-10-20 දින සිට SETTdeco සේවාව නොමිලේ සපයනු ලබන්නේ වාණිජ්‍යමය-නොවන වෙබ් අඩවි සඳහා පමණි. වාණිජ්‍යමය වෙබ් අඩවි සඳහා, තම අඩවියේම පිහිටුවා ගත හැකි SETTdeco වාණිජ්‍ය විසඳුම මිල දී ගැනීම සඳහා අප වෙතින්
විමසන්න.
SETTdeco යුනිකේත විකේතකය යනු...
- සෙට්ඩිකෝ (SETTdeco) යුනිකේත විකේතකය යනු පාඨක පරිගණකයේ සිංහල යුනිකේත සහයෙන් ස්වායත්තව, ඕනෑම පාඨකයෙකුට ඕනෑම පරිගණකයකින් සිංහල/දෙමළ වෙබ් පිටු කියවිය හැකි කරවන, වෙබ් විජට්ටුවක් ආධාරයෙන් සපයනු ලබන වෙබ් සේවාවකි.
- SETTdeco විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.
- ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් පෙන්වනු ලබයි.
- ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත යොමු කරවීමද සිදු කරනු ලබයි.
මෙම විජෙට්ටුවෙන් ඔබට ඇති වාසිය
- පහත දැක්වෙන්නේ සිංහල සහය නොමැති Windows XP පරිගණකයක Firefox ගවේශකය තුළ සිංහල බ්ලොග් අඩවියක් දිස් වන ආකාරයයි. (SETTdeco විකේතකය අඩවියට ඇතුලත් කිරීමට පෙර)

- පහත දැක්වෙන්නේ සිංහල සහය නොමැති එම Windows XP පරිගණකයෙන්ම, SETT යුනිකේත විකේතකය අඩවියට එක් කළ පසු එම අඩවිය දිස් වන ආකාරයයි.

මෙහිදී ඔබට ඇති වාසිය නම්, ඉහත පළමු රූපයේ සිංහල පෙන්වන අකාරයේ සිට දෙවන රූපයේ සිංහල පෙන්වන ආකාරය දක්වා සිංහල අන්තර්ගතයන් පෙන්වන ආකාරය නිවැරදි කිරීම සඳහා පාඨකයාගේ පරිගණකයේ කිසිඳු වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවීමයි. එනම් ඔබේ අඩවිය කියවීමට පාඨකයා අමතර ආයාසයක් දැරිය යුතු නැත. එම නිසා ඔබේ පාඨකයන් සිංහල යුනිකේත පිළිබඳව කවර දැනුම් මට්ටමක සිටියද ඔබේ අඩවිය ඔවුන්ට කියවිය හැකි කරවීමට ඔබට හැකියාව ඇත. මෙහිදී ඔබේ අඩවිය එම පාඨකයන්ට දිස් කරවීමට කළයුත්තෙ ඔබ, එනම් අඩවි කර්තෘ විසින් තමන්ගේ අඩවියට මෙම SETTdeco යුනිකේත විකේතක විජෙට්ටුව ඇතුලත් කරගැනීම පමණි.
මෙම විජෙට්ටුව ඔබේ අඩවියේ දිස් වන ආකාරය
මෙම විජෙට්‍ටුවේ බාහිර පෙනුම ලබාගන්න පිටුවේදී ඔබට කැමති ලෙස වෙනස් කරගත හැක.
ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇත්නම් ඔබ තෝරාගත් බාහිර පෙනුමෙන් මෙම විජෙට්ටුව ඔබේ අඩවියෙ දිස් වනු ඇති අතර, ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැතිනම් ඒ පිළිබඳ දැනුම් දීමක්ද සමඟින් රතු පැහැයෙන් විජෙට්ටුව ඔබේ අඩවියේ දිස් වනු ඇත.
මෙම විජෙට්ටුව ඔබේ අඩවියට එක් කර ගැනීම
- ඔබ කැමති භාෂාවකින්, වර්ණයකින් සහ විශාලත්වයකින් මෙම විජෙට්ටුව ඔබේ අඩවියට එක් කරගත හැක.
- මෙම විජෙට්ටුව ඔබට කැමති අයුරින් වෙනස් කර, එහි කේතය ලබාගැනීම සඳහා ලබාගන්න පිටුව වෙත යන්න.
- විජෙට්‍ටුවේ කේතය ඔබේ අඩවියට එක් කරගන්නා ආකාරය පිළිබඳ උපදෙස් සඳහා උපදෙස් පිටුව වෙත යන්න.